අපේ ගමේ පන්සල

ලිපිනය :ශ්‍රි සුදර්ශනාරාමය,
හින්නාරන්ගොල්ල,
බොරලන්ද

විද්‍යුත් තෑපෑල :Sudarshanarama@gmail.com

දුර ඈමතුම් :057 22 80 347


Wednesday, October 8, 2014

ශෛලමය බුදු පිලිම වහන්සේ හා බුද්ධ මන්ධිරය

මුල් කාලයේ එනම් 1909 දී ඉතා විචිත්‍ර චිත්‍ර කටයම් වලින් පොහොසත් විහර ගෙයක් දක්නට පවති අතර එය නිර්මානය කරන ලද්දේ බී.හරමානිස් නැමති ශිල්පියා විසිනි,නමුත් පසුව එම නිර්මාන මැටි මිශ්‍ර කර නිමව තිබීමත් සතුන්ගේ උවදුරු පැමිණීමත් නිසා පැරනි විහරය ඉවත් කල අතර ඒ වෙනුවට මෙම නව විහරය 1978දී ඉදි කරවන ලදි.මෙම නව විහරයට අතුලු වන ස්ථානයේ සිටම ගල් කටයමින් ඔපවත්ව නිමවා ඇත්තේ අතීත අනුරාධපුර,පොලොන්නරු යුග සිහි කරවමිනි.
මෙම විහාරස්ථානය වටා ඉදි කර ඇති ගල් කනු නිර්මානය කරවා ඇත්තේ වර්ථමාන විහාරාධිපති හිමියන් වහන්සේට තම මැනියන් වහ්න්සේගෙන් ලද කුඹුරු විකුණා ලබා ගත් මුදලෙණි.එලෙසම මෙම නිර්මාන එස්.කේ විමලරත්න මහතගේ අතින් බිහි වූ නිර්මනයන් වේ.
                                                                                      විහාර මන්දිරය ඇතුලත සලකා බලීමේදී එහි මුල් කාලීනව නිර්මානය කල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ තවමත් වැඩ හිදිනු ලබයි.
මීට අමතරව 18 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිමවා අති අතර එය අහන්ගම ලැන්ටිස් ශිල්පියාගේ අතින් නිම කෙරිනි.2003 අගොස්තු 05 වන දින මෙම 18 රියන් බුද්ධ ප්‍රතිමවේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කරවන ලදි.එලෙසම සමාධ් බුද්ධ ප්‍රතිමාවේ අනුරුව ශෛලමයව නිමවා 2013 ජූනි 02 දින අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් නිරවාණය කරන ලදි.

 



No comments:

Post a Comment