නමුත්
එම රෝපණය කල
ස්ථානය නුසුදුසු වීමත්,පැරණි විහාරය අවට ප්රදේශය පුපුරා යාමත් නිසා එම බෝධීන් වහන්සේ ඉවත් කිරීමට සිදු විය.අනතුරුව නව බෝධියක් රෝපණයට තීරණය
කල අතර එහිදී සංගමිත්ත මෙහෙණින් වහන්සේ විසින් මෙරටට වැඩමවා වදාළ ජය ශ්රී මහා බෝධි දක්ෂින ශාඛාවක් වූ අනුරාධපුර
ශ්රී මහා බෝධිය ආශ්රිතව මෙම විහාරය තුල බෝධියක්
රෝපණය කල යුතු යයි නායක යතිවරයනන්ගේ සිතේ කකියමින් තිබු අදහස
මල් පල ගන්වමින් එවකට අනුරපුර අටාමස්තනධිපතිව වැඩ විසූ පල්ලේගම ඥානරතන හිමියන් ශ්රී මහා බෝධි දක්ෂිණ අංකුරයක් රෝපණය කරවා එවකට ස්වදේශ කටයුතු අමාත්යවරයා වූ පෙරසි සමරවීර මහතාගේ නිවසට රථ පෙරහරකින් වැඩමවන ලදී.ඉන් පසුව 1980/03/28 වන දින වර්තමාන බෝ සමිදුන් වැඩ සිටින ස්ථානයේ කුඩා පත්රයක රෝපණය කරන ලද අතර එවකට සංස්කෘතික කටයුතු අමාත්‍ය ඊ.ඇල්.ඩී හුරුල්ලේ මහතා විසින් ගිහි පැවිදි හැමගේම සිත් පුබුදුවාලමින් මෙම බෝධීන් වහන්සේ රෝපණය කරන ලදී.
මෙම
කර්තව්යට දයක් වූ තවත් පිරිසක් අමතක නොකරම බැරිය ,එනම් වරකදන්දේ ඉන්ද්රජෝති හිමියන් ,විහරධීපති විජේකොන්ගෙදර
සුමනතිස්ස හිමියන්
ප්රධාන මහා සංඝරත්නයද, විශ්රාමික විදුහල්පති බී. වරුෂවිතාරණ උපාසක මහතා, පිටපොල යූ.ඇම් අප්පුසිංඤො උපාසක මාහතා ,ගල්ඒදන්ඩේ ආර්.ඩී ගරුවා උපාසක
මහතා ඒ අතර
වේ.
කෙසේ
හෝ බෝදීන් වහන්සේ රෝපණය කරන
ලද්දේ අනුරපුරින් ගෙන ආ පස් යොදා ගෙනයි එහිදී බෝධීන්
වහන්සේගේ වර්ධනයත් සමග කිහිප වතාවක්ම ඒ වට ඉදි කල පත්රය ඉවත් කලද වර්තමානයේ ඊටම සරිලන බෝධි ගෘහයක් නිර්මාණය කර ඇත.මෙම හින්නරන්ගොල්ල ග්රාමයට මෙම බෝධීන් වහන්සේත් සමගම
විශාල ප්රබෝධයක් ඇති වුණා යයි කියවේ.ඇතැම් දින වල බෝධ් හා
වෙනත් පුද පුජාවන් අතරතුර දේවතා එලි බැස තිබු බව කියවේ.මෙම බෝධ් ගෘහය තැනීමේ තවත් අරමුණක් වන්නේ අව්වෙන් හා වැස්සෙන් තොරව ජනතාවගේ ආගමික කටයුතු කිරීමයි මේ සදහාද විශ්රාමික විදුහල්පති වරුෂවිතාරණ මහතාගේ හා කෝ.ප.ජ කරුණාරත්න
මහතාගෙන් ලද දායකත්වයද අමතක කල නොහැක.
විශේෂම
කරුණක් ලෙස කිව හැක්කේ 1949 වර්ෂයේ සිට මේ දක්වාම ගම ප්රදේශයේ හා විහාරස්ථානයේ සිටුවා ඇති සමන් පිච්ච මල් එක රැස් කර
සමන් පිච්ච මල් පුජාවක්
සෑම වර්ෂයකම දින 365 ම පැවැත්වීමයි.
(copy right: DMD)
No comments:
Post a Comment