ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානයේ පුද පූජා පැවත්වීමෙදී වර්ෂා කාල වලදී සදැහැවතුන් හට සිදු වන අපහසුතා අවම කරවීම උදෙසා බෝධීන් වහන්සේ වටා බොධිඝරයක් කරවීමට ක්‍රියා කරන ලදි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වර්ථමාන බෝධිඝරය ඉදි කරවා ඇත.
ඒ අනුව මෙහිදී විහාරස්ථානයේ නයක ස්වාමීන් වහන්සේ වන විජේකෝන්ගෙදර සුමනතිස්ස ලොකු හාමුදුරුවන්ගේ හා රත්කරව්වේ ප්‍රේමරතන හිමිපානන්ගේ අවවාද අනුසාසනා මත එකල විහාරස්ථානයේ ප්‍රධාන දායකයා වූ ඉතා සුවිශේෂී චරිතයක් මීට මූලික විය.එනම් බී. වරුෂවිතාරණ මාහත්මාගේ මූලිකත්වයෙන් මෙම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරවන ලදි.මීට කෝ.ප.ජේ කරුණාරත්න මහත්මාද තම දායකත්වය ලබා දෙන ලදි.
මෙහිදී මෙම බෝධිඝරය සලසුම් කරවන ලද්දේ අටවිසි බුදුරදුන් වහන්සේලාට කුටි 28ද ,මල් හා ගිලන්පස තන්පත් කිරීමට වෙනමම ආසනද අතුලත්ව වීම විශේෂත්වයකි.මෙහි ඉදිකිරීම් 2001 වර්ෂයෙදී සිදු කරවූ අතර එය ඉතා අලංකාරව ඉදිකරවා ඇත.මීට ගම්මානයේ සියලු පාර්ශව නන් අයුරින්න් උපකාර කරන ලදි.